බුදු පිළිම කැඩූ ඉන්දියානුවා බන්ධනාගාර භාරයේ සිටියදී මරුට

කුලියාපිටිය ප්‍රදේශයේ බුදුපිළිමවලට හානි කිරීමට යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි දිලිප් කුමාර් නමැති 47 හැවීරිදි ඉන්දීය ජාතිකයා මරණයට පත්ව ඇති බව වාර්තාවනවා.

වාරියපොළ බන්ධනාගාරයේ රඳවා සිටි ඔහුට ඊයේ (05) රාත්‍රීයේදී හදිසියේ ස්වසන අපහසුතාවයක් ඇති වූ බවත් අනතුරුව ඔහු වාරියපොළ රෝහලට රැගෙන එන අතරවාරයේ මියගොස් ඇති බවත් වාර්තා වනවා.

ඔහුගේ මෘත ශරීරය මේ වනවිට වාරියපොළ රෝහලේ මෘත ශරීරාගාරයේ ආරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුව තැන්පත් කොට ඇති බවත් අධිකරණ නියෝග ලබාගැනීමෙන් අනතුරුව PCR පරීක්‍ෂණය සහ ප්‍රශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා මෘත ශරීරය කුරූණෑගල ශීක්‍ෂණ රෝහලට රැගෙන යෑමට කටයුතු කරන බව ද සඳහන්.

කුලියාපිටිය ප්‍රදේශයේ බුදු පිළිම කිහිපයකට හානිකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය මාර්තු 19 වනදා එම සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com