තැපැල් ඡන්ද අයදුම්පත් 47000ක් ප්‍රතික්ෂේප වෙයි

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වූ තැපැල් ඡන්ද අයදුම්පත් 47,000 කට වැඩි සංඛ්‍යාවක් ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ නියමිත ආකාරයට සම්පූර්ණ කර නොතිබීම හේතුවෙන් අයදුම්පත් 47,952 ක් ප්‍රතික්ෂේප කිරීමට සිදුවු බවයි.

මෙවර මහ මැතිවරණය සඳහා රාජ්‍ය සේවකයින් 753,037 දෙනෙකු තැපැල් ඡන්ද භාවිත කිරීම සඳහා අයදුම් කර තිබෙනවා.

පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද භාවිත කිරීම සඳහා ජුලි 14, 15, 16 සහ 17 යන දින ප්‍රකාශයට පත් කර ඇති අතර එම දිනවල ඡන්දය භාවිත කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද දායකයින් සඳහා ජූලි මස 20 සහ 21 යන දිනවලදී ඡන්දය භාවිත කිරීමට පහසුකම් සලසා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com