පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කටයුතු සඳහා ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 6500කට වඩා වැඩි මුදලක් වැය කර ඇති බව මේ අවන විට හෙළිව තිබෙනවා.
කෙසේ වෙතත් එම වියදම ගණන් බලා ඇත්තේ කොමිෂන් සභාවෙහි අවසාන අදියර සඳහා වන වියදමට අදාළ වැය ගණනය කිරීමකින් තොරවයි.
ඒ අනුව මුළු පිරිවැය රුපියල් ලක්ටෂ 6500 ට ත් වඩා වැඩි විය හැකි බවටයි වාර්තාවන්නේ.
වාර්තාව මුද්රණයටම කෝටියක්
ආසන්න වශයෙන් පිටු 1,00,000ක් පමණ සහිත කොමිෂන් සභාවේ අවසාන වාර්තාව පසුගිය පෙබරවාරි 1වන දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදුන් අතර එය මුද්‍රණය කිරීම සඳහා පමණක් රු කෝටියකට ආසන්න මුදලක් වැය වූ බව මීට පෙර වාර්තා වුණා.
වාර්තාවේ පිටු 40,000කට ආසන්න ප්‍රමාණයක අඩංගු වී ඇත්තේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ බවයි පැවසෙන්නේ.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2019 සැප්තැම්බර් මාසයේදී පත් කරන ලද කොමිෂන් සභාවේ සාක්ෂි විභාගය 2019 ඔක්තෝබර් මාසයේදී ආරම්භ කරන ලදී. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුතු වූ කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් වූයේ අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික විනිසුරුවරුන් වන සුනිල් රාජපක්ෂ සහ බන්දුල අතපත්තු යන මහත්ම මහත්මීන් ය.
වසර එකහමාරකට ආසන්න කාලයක් තිස්සේ සාක්ෂිකරුවන් 450ක් පමණ කොමිෂන් සභාව ඉදිරියේ සාක්ෂි ලබාදුන් අතර තවත් 1,100කට ආසන්න පිරිසක් කොමිෂන් සභාවේ පොලිස් විමර්ශන ඒකකය ඉදිරියේ ප්‍රකාශ ලබා දී තිබෙනවා.
ජනවාරි මස 27 වන දින කොමිෂන් සභාවේ සාක්ෂි විමසීම් කටයුතු අවසන් බව නිවේදනය කළ අතර එය හමුවේ අවසන් වරට සාක්ෂි ලබාදුන්නේ මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතා යි.
මුලාශ්‍රය – මව්බිම
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ