චීන ආරක්ෂක ඇමැති ජෙනරාල් වී ෆෙන්ගේ මේ මස අගදී ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශ වාර්තා සඳහන් කරයි. මෙය වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු චීන රජයේ ඉහළම නියෝජිතයකු මෙරට සිදු කරන දෙවන ඉහළම මට්ටමේ සංචාරයයි. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ චීන රජයේ ඉහළම විදේශ ප්‍රතිපත්ති තීරකයකු වන යැන්ග් ජිචි මෙරට සංචාරය කළේය.
විදේශ අමාත්‍යාංශයේ ආරංචි මාර්ගවලට අනුව ජෙනරාල් වී ෆෙන්ගේ පැමිණීමේ අවසන් දිනය මෙතෙක් තහවුරු කර නැති නමුත් මෙම මස අවසන් වීමට ප්‍රථම හෙතෙම මෙරටට පැමිණීමට නියමිතය. එහිදී ජනාධිපතිවරයා ඇතුළු රජයේ ඉහළම පාර්ශ්ව සමග චීන ආරක්ෂක ඇමැතිවරයා සාකච්ඡා පවත්වනු ඇත. සංචාරය පිළිබඳව කොළඹ චීන තානාපති කාර්යාලයෙන් විමසීමකදී එහි ප්‍රකාශකයෙක් සඳහන් කළේ අදාළ සංචාරය පිළිබඳව මෙතෙක් නිල තොරතුරු කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.
මේ අතර මේ මස මුලදී නායකයන් දෙදෙනා අතර පැවැති සාකච්ඡාවකදී ජනාධිපති ෂී ජින් පිං විසින් කරන ලද ආරාධනයකට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බීජිංහි සංචාරයක නිරතවීම සඳහා දින නියම කර තිබේ.
- මුලාශ්‍ර අරුණ පුවත්පත
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ