කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පිළිබඳ පනත් කෙටුම්පත මුළුමනින්ම රටේ නීතියට අනුගත මෙරටට විදේශ විනිමයගෙන ඒමේ හැරවුම් ලක්ෂයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පැහැදිලි කිරීම වෙනුවෙන් අද (16) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් එල්ල වන ඕනෑම චෝදනාවක් පිළිබඳ පැහැදිලි කිරීමට රජය සූදානම් බවය.
පනත් කෙටුම්පතට අදාළ සියලු කටයුතු සිදුවන්නේ මෙරට නීතියට අනුව මිස වෙනත් රටක නීතියකට අනුව නොවන බවද ඔහු සඳහන් කළේය.
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන සභාපතිවරයෙකු ඇතුළු සාමාජිකයන් 5 ත් 7 ත් අතර සංඛ්‍යාවකින් සමන්විත වේ.
මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා වැඩිදුරටත් පවසා සිටියේ, වරාය නගර ආර්ථික කොමිසන් සභාවට සියලුම සාමාජිකයින් පත්කරන්නේ ජනාධිපතිවරයා බැවින් වෙනත් රටකට එම නගරය පාලනය කළ නොහැකි බවය.
එම කොමිෂන් සභාවට කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාපය තුළ ව්‍යාපාරික කටයුතු සඳහා සියලු අනුමැතීන් ලබාදීම, නියාමනය කිරීම ඇතුළු කාර්යයන් පැවරෙයි.
කොමිසම අය කරන සියලු බදු රජයේ ඒකාබද්ධ අරමුදලට බැර වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා වැඩිදුරටත් පැවසීය.
මේ අතර කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පාර්ලිමේන්තුවට වගකියන කොමිෂන් සභාවක් නොවන බවට සමගි ජන බලවේගය පක්ෂය චෝදනා කරයි.
එම පක්ෂයේ නීති ලේකම් ජනාධිපති නීතිඥ තිසත් විජේගුණවර්ධන මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ යෝජිත කොමිසම කෝප් හෝ කෝපා කමිටුවට ද ප්‍රශ්න කළ හැකි කොමිසමක් නොවන බවය.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (16) පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවේ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් රජය ගෙන ඇති තීරණ ඔවුන්ගේ ජනවරමට ද පිටුපෑමක් බවය.
මේ අතර, වරාය නගරය විකුණා නොමැති බවත් එහි සිදුවන්නේ බදුදීමක් පමණක් බවත් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ,
“අපි විකුණලා නෑ. මේක බදුදීලා තියෙන්නේ. ආයෝජකයන් එන්න නම් පහසුකම් අපි සපයන්න ඕනේ. රටවල් දියුණු වුණේ කොහොමද? මේක නීත්‍යානුකූලයි කියලා වත්මන් නීතිපතිවරා මේ වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ලිපියක් එවලා තියෙනවා. අධිකරණය විසින් පාර්ලිමේන්තුවට කියයි මේක නීත්‍යානුකූලයි නම් නීත්‍යානුකූලයි. සාමාන්‍ය විදිහට සම්මත කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ මේ සංශෝධන දෙක ඉවත් කරගන්න කියලා. එතකොට අපි පාර්ලිමේන්තුවේදී සූදානම් සංශෝධන දෙක ඉවත් කරගන්න.”
– මුලාශ්‍ර Ada Derana
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ