පසුගිය පෙබරවාරි 24 වෙන දා ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් A333 ගුවන් යානා තුනකින් කොළඹ සිට උගන්ඩාවට මෙට්‍රික් ටොන් 102ක ලිපි ලේඛන / මුද්‍රිත ද්‍රව්‍ය යැවීමේ සිදුවීමක් සම්බන්ධයෙන් මේ වන විට බරපතල සැකයක් මතුව තිබෙනවා.
ඒ පිළිබඳව ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් තබන ලද ට්විටර් පණිවිඩයද එදිනම ඉවත් කරගෙන තිබු අතර මෙම ද්‍රව්‍ය තොගය සහිත ගුවන් යානා 3ක් උගන්ඩාවේ එන්ටබේ ගුවන්තොටුපළට ළඟාවීමේ ඡායාරූපද එම ට්විටර් පණිවිඩයට ඇතුළත් කර තිබුණා.
මෙසේ ශ්‍රී ලංකාවෙන් පිට කරන ලද ද්‍රව්‍ය මොනවාද සහ ඒවා ශ්‍රී ලංකාවෙන් පිට කළේ කවුදැයි යන්න හෙළිදරව් කිරීම ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
කෙසේ වෙතත් මෙම කරුණු හෙළිකරන සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරන්නේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඊට අදාළ තොරතුරු තමන් විසින් ඉල්ලු අවස්ථාවේ වාණිජමය රහස් යන කාණ්ඩය යටතේ එම තොරතුරු ලබා දිය නොහැකි බව ගුවන් සමාගම ඔවුන් වෙත දැන්වූ බවයි.
උගන්ඩාව සමග ශ්‍රී ලංකාව රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කළේ 2012 වසරේ දීය. එයට මුල් වූයේ එවකට විදේශ අමාත්‍ය, වර්තමාන පොදුජන පෙරමුණේ සභාපති ජී.එල් පිරිස් මහතායි.
ඉන් පසු ඉතිහාසයේ ප්‍රථම වතාවට උගන්ඩාවේ කම්පාලා නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක්ද විවෘත කරනු ලැබුවා.
එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ උගන්ඩාවේ රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක නිරත වූ අතර එහි දී ඩොලර් මිලියන 150ක ජල ව්‍යාපෘතියක්ද ශ්‍රී ලංකාව විසින් උගන්ඩාවට පරිත්‍යාග කිරීම විශේෂත්වයක්.
උගන්නාඩා ජනාධිපති යොවෙරි මුසෙවෙනිගේ පස්වන පදවි ප්‍රාප්තිය සඳහා 2016 වසරේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ආරාධනා ලැබුවේ එවකට විපක්ෂ මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතායි.
එමෙන්ම පසුගිය කාලයේ සේනා දළඹු මර්දනය සඳහා බව පවසමින් උගන්ඩාවේ ඉහළ පෙළේ හමුදා නිලධාරින් පිරිසක් ද ශ්‍රී ලංකාවට පැමිණි අතර රැගෙන ගිය ද්‍රව්‍ය තොගය සහ එම පැමිණීම අතර යම් සම්බන්ධතාවක් තිබේදැයි සැක මතුව තිබෙනවා.
© මුලාශ්‍රය – Sunday Times
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ