ඉන්දියාවේ ශුද්ධ ලෙස සලකන ගංගා හතරක් මුල් කරගෙන මහා ජනකායකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන හින්දු ආගමික උත්සවයක් වන ‘කුම්බ්මේලා’ උත්සවය වර්තමානයේ ඉන්දියාවේ පැතිර යන කොරෝනා වසංගත රැල්ල හේතුවෙන් සීමාවන් සහිතව සැමරීමට හින්දු ආගමික පූජකවරුන් විසින් තීරණය කර තිබේ.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝඩි විසින් සිදු කරන ලද ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන ඇති අතර මේ අනුව මින් ඉදිරියට සම්ප්‍රදායික ස්නානය සඳහා ශුද්ධ වූ ගංගා ඉදිරිපිට විශාල වශයෙන් එක් රොක් වීමෙන් වළකින ලෙස ප්‍රධාන පෙළේ හින්දු පූජකවරයකු වන ස්වාමි අව්දේශානන්ද් පූජකවරයා විසින් හින්දු බැතිමතුන්ගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ. දැඩි කොරෝනා මර්දන සීමාවන් යටතේ උත්සවය සමරන ලෙස බැතිමතුන්ගෙන් ඉල්ලා ඇති ස්වාමි අව්දේශානන්ද් පූජකවරයා ඉන්දීය අගමැතිවරයා විසින් මෙම ‘කුම්බ්මේලා’ උත්සවය සංකේතාත්මක උත්සවයක් ලෙස සමරණ ලෙස ඉල්ලා ඇති බව සඳහන් කර තිබේ.
සෑම වසර 12කටම සිවු වරක් සැමරෙන ‘කුම්බ්මේලා’ උත්සවය වෙනත් වසරවල ජනවාරි මැද භාගයේ සිට අපේ‍්‍රල් මාසය දක්වා සැමරුනද මෙවර මෙම උත්සවය කොරෝනා වසංගතය හේතුවෙන් අපේ‍්‍රල් මස 01 වැනිදා සිට 30 වැනිදා දක්වා සැමරීමට හින්දු පූජකවරුන් විසින් සැළසුම් කර තිබිණි. එහෙත් මෙම උත්සවය ආරම්භ වූදා පටන් හරිද්වාර්, උජ්ජෙයින්, නාෂික් හා ප්රයාග්රාජ් යන ශුද්ධ වූ ගංගාවන් ඉදිරිපිට ස්නානය සඳහා දස දහස් ගණනින් බැතිමතුන් එක්රොක් වීම හේතුවෙන් ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වැඩි වීමටද එය බලපා තිබිණි.
ඊයේ (18දා) උදෑසනින් අවසන් වූ පැය 24 ක කාලය තුළදී ඉන්දියාවෙන් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව දෙලක්ෂ තිස්හතරදහස් හයසිය අනුදෙකක් විය.
‘කුම්බ්මේලා’ උත්සවයට සභාභාගි වූ ප්‍රධාන පූජකවරයකු කොරෝනා ආසාදනය වැළඳී මියගොස් ඇති අතර තවත් විශාල පිරිසක් කොරෝනා ආසාදිතයන් බව අනාවරණය වී තිබිණි.
More Stories
චීන-බ්‍රසීල සබඳතාවන්හි ස්වර්ණමය ඇරඹුමක් සටහන් කළ චීන ජනපතිගේ බ්‍රසීල සංචාරය
වීසා රහිත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක රටවලට තවදුරටත් පහසුකම් වැඩි කිරීමට චීනයෙන් තීරණයක්
චීනයේ විදේශ වෙළඳාමේ කැපීපෙනෙන වර්ධනයක්