බ්‍රිතාන්‍යයේ එඩිම්බරෝ අදිපාද අභාවප්‍රාප්ත පිලිප් කුමරුට අයත් අවුරුදු 90 ක් පමණ පැරණි මෝටර් රථයක් දැන් ශ්‍රී ලංකාවේ මුහුදු වෙරළ කෞතුකාගාරයක පවතියි.
බ්‍රිතාන්‍ය නාවික හමුදාවට අනියුක්තව කොළඹ රාජකාරී කරන සමයේ පිලිප් කුමරු විසින් 1935 දී පවුම් 12 කට මෙම මෝටර් රථය මිළ දී ගෙන ඇති බව වාර්තා වල සඳහන් වෙයි.
කෞතුකාගාර වාර්තා වලට අනුව පිලිප් කුමරු මෙම මෝටර් රථය කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා කිලෝමීටර් 260 ක දුරක් ධාවනය කර ඇත.
මෝටර් රථ වලට තිබෙන දැඩි ආශාව හේතුවෙන් පිලිප් ස්ටෑන්ඩ් මෝටර් රථ සමාජයේ සාමාජිකයෙක් ද විය.
1950 ගණන් වලදී ඔහු නැවත ලංකාවට පැමිණි මොහොතක තම මෝටර් රථය නැරඹීමට පැමිණ ඇත.
ඔහු නැවත පැමිණෙන තුරු මෝටර් රථය ගෝල්ෆේස් හෝටලයේ සුරක්ෂිතව පැවැති බව ගෝල්ෆේස් හෝටල් සභාපති සංජිව් ගාර්ඩිනර් මහතා ප්‍රකාශ කළේය.
පිලිස් කුමරු තම මෝටර් රථය නැරඹීමට පැමිණ ,”මම හිතනවා මේකේ තවමත් තිරිංග වැඩ කරනවා කියා” පැවසූ බව මෙම මෝටර් රථය පිලිබඳ අදහස් දැක් වූ සංජිව් ගාර්ඩිනර් මහතා ප්‍රකාශ කළේය.
පිලිප් කුමරු සතුව තිබූ මෝටර් රථය 1950 ගණන් වල දී සංජිව් ගාර්ඩිනර් මහතාගේ පියා වන සිරිල් ගාර්ඩිනර් මහතා විසින් මිළ දී ගෙන ඇත.
තම පියා මෙම මෝටර් රථය මිළ දී ගැනීමේ දී මිළ අඩු කීරීමට උත්සාහ කළ ද පිලිප් කුමරු එයට එකඟ නොවූ නිසා මසක් තුළ සමාන වාරික දෙකකින් කාරයේ වටිනාකම ගෙවීමට පියාට සිදු වූ බව සිරිල් ගාර්ඩිනර් මහතා පැවසුවේය.
දැනටත් මෙම මෝටර් රථය ක්‍රියාකාරී මට්ටමක පවතින බව ද වාර්තා වේ.
- මුලාශ්‍ර දිනමිණ පුවත්පත
More Stories
චීන-බ්‍රසීල සබඳතාවන්හි ස්වර්ණමය ඇරඹුමක් සටහන් කළ චීන ජනපතිගේ බ්‍රසීල සංචාරය
වීසා රහිත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක රටවලට තවදුරටත් පහසුකම් වැඩි කිරීමට චීනයෙන් තීරණයක්
චීනයේ විදේශ වෙළඳාමේ කැපීපෙනෙන වර්ධනයක්