අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ කැඳවා තිබූ ආණ්ඩුවේ පක්ෂ නායක හමුවෙන් වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් නැගිට ගොස් තිබේ.
පක්ෂ නායකයන් නොවන පිරිසක් ද මෙම රැස්වීමට කැදවා ඇති බව සදහන් කරමින් ඔවුන් මෙසේ නැගිට ගොස් ඇත.
පක්ෂ නායකයන්ට අමතරව මෙම රැස්වීමට විවිධ සංවිධාන නියෝජනය කරමින් නියෝජිතයන් 51 දෙනකු සහභාගී වී සිටි බව දැනගන්නට තිබේ.
ඒ අනුව විමල් වීරවංශ මහතා ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා සදහන් කොට ඇත්තේ මෙම රැස්වීම සදහා ඒ සියල්ලන්ටම ආරාධනා කළ බවකි.
ඒ අනුව විමල් වීරවංශ මහතා සාකච්ජාවෙන් නැගී සිටිමින් මෙය පක්ෂ නායක රැස්වීමක් නොවන බවත්, යළිත් පක්ෂ නායක රැස්වීමක් කැදවුවහොත් ඊට සහභාගී විය හැකි බවත් දැනුම් දෙමින් රැස්වීමෙන් පිටව යාමට පියවර ගෙන ඇත.
වීරවංශ මහතා අනුගමනය කරමින් උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර යන මහත්වරුන්ද රැස්වීමෙන් පිටව ගොස් ඇත.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව