අසේල සම්පත් ඇප මත මුදා හරී

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි, සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද තීරණය කළේය.

ඒ අනුව රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 02 ක් මත ඔහු මුදා හැර තිබෙනවා.

වසර දෙකකට පමණ ඉහතදී පාරිභෝගික කටයුතු අධිකාරියේ නිළධාරීන් පිරිසකට බැන වැදී තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අසේල සම්පත් මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරය ගත කර සිටියේය.

  • L N W
WP Twitter Auto Publish Powered By : XYZScripts.com