පාලකයන් විසින් රටේ ජනතාවට අසීමිත ලෙස නිදහස ලබාදීම රට දියුණු කිරීමට, සංවර්ධනය කිරීමට දැඩි බාධාවක් බව සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වෙඬරුවේ උපාලි නාහිමි පවසනවා. ඊයේ (19) මහනුවරදී මාධ්‍ය අමතමින් අනු නාහිමියේ මේ බව සඳහන් කළේය.
රට දියුණු කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා ලෙස ඇතැම් අවස්ථාවලදී දැඩි තීන්දු ගතයුතු බවත්, රටේ යහපත වෙනුවෙන් එසේ දැඩි තීන්දු ගැනීම අනුමත කරන බවත් වෙඬරුවේ උපාලි අනු නාහිමි අවධාරණය කරනවා.
ආඥාදායකත්වය සම්බන්ධයෙන් බොහෝ දෙනා විවේචන එල්ල කළද, අවම වශයෙන් අවුරුදු දෙකක්වත් එවැනි ආඥාදායකත්වයක් නොමැතිව රට ගොඩනැගිය නොහැකි බවද අනු නාහිමියෝ පවසනවා.
සෘජුව තීන්දු තීරණ ගනිමින්, රට යහපත් තැනකට පත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නායකත්වය ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරන බවද අස්ගිරි අනු නාහිමි වැඩිදුරටත් පෙන්වා දෙනවා.
- Lanka news web
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්