පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සහන සැලසීම සඳහා ලෝක මුස්ලිම් ලීගය විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදුන් ඇමරිකානු ඩොලර් මිලියන 5ක ( රුපියල් බිලියනක පමණ ) මුදලට සිදුවූයේ කුමක්දැයි විමර්ශනයක් ආරම්භ කරන ලෙස ඉල්ලා ඕමල්පේ සෝභිත හිමියන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
“ලෝක මුස්ලිම් ලීගයේ සභාපතිවරයා වන මොහොමඩ් බින් අබ්දුල්ලා නමැති සභාපතිවරයා 2019 ජුලයි මාසෙ 30 වෙනිදා මුදල් ප්‍රදානයක් කළා එවකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට. එම මුදල් චෙක්පතකින් ප්රදානය කළ බව තමයි කියවුණේ. ඇමරිකානු ඩොලර් මිලියන 5ක්. ඒ කියන්නෙ ශ්‍රී ලංකා රුපියල් බිලියන 1ක්. කොළඹ නෙළුම්පොකුණෙ පවත්වන ලද ප්‍රසිද්ධ රැස්වීමකදී තමයි මේ චෙක්පත හිටපු ජනාධිපතිවරයාට පරිත්‍යාග කරනු ලැබුවෙ.
අද තව වෙනතෙක් ඒ මුදල යොදවපු විදියක්, පාවිච්චි කරපු විදියක්, වැයකරපු විදියක් වාර්තා වන්නේ නෑ. අපි මැල්කම් රංජිත් කාදිනල්තුමාගෙන් විමසුවා, එතුමාත් කියනවා මේ දක්වා එබඳු ආධාරයක් කිසිවෙක්ගෙන් ලැබුණෙ නෑ කියලා. එතකොට හිටපු ආණ්ඩුකාර මුසම්මිල් මහත්මයාගෙන් ඇහුවා, එතුමාත් කිසිවක් දන්නේ නැති බවයි කියන්නෙ. එසේනම් මේ මුදලට මොකද වුණේ ?
මේ ප්‍රශ්නයට පිළිතුරක් හොයාගෙන තමයි අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ. ඒක නැවතත් මේ අපරාධකාරයින්ගේ අතටම යනවාද, මේ අපරාධ වසන් කරන්න නියම සාක්කි වහන්න බොරු සාක්කි නිර්මාණය කරන්න දන්නවානෙ ඉතිං මුදල් පාවිච්චි කරලා ඕනෙ දෙයක් කරන්න පුළුවන්නෙ. අපට ලොකු සැකයක් තියෙනවා මේ රටේ පුරවැසියන් හැටියට අපට ඊට පිළිතුරු අවශ්‍යයයි” යනුවෙනුයි එහිමි සඳහන් කළේ
ඕමල්පේ සෝභිත හිමියන් මේ බව පැවසුවේ ඊයේ (21) සීඅයිඩීයට අදාළ පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කරමිනි.
- source Lanka News Web
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ