සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය ඉතාම බරපතල ප්‍රකාශයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්රිය හේරත් මහතා පවසනවා. ඔහු පෙනී සිටින ශානි අබේසේකර යනු පසුගිය යහපාලන ආණ්ඩුවේ බළල් අතක් බවත්, යහපාලන ආණ්ඩුව විපක්ෂ දේශපාලන නායකයන්ගෙන් පළිගැනීම් සිදු කිරීම සඳහා භාවිතා කළ පොලිස් නිළධාරියෙක් බවත් සමන්ප්රිය හේරත් මහතා පෙන්වා දෙනවා.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ පැවති මාධ්‍ය හමුව අමතමිනි.
පාස්කු ප්‍රහාරයට වසර දෙකක් සම්පූර්ණ වන ඊයේ දිනයේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් කලු ඇඳගෙන පාර්ලිමේන්තුවට පැමිණීම සිහිපත් කරන මන්ත්‍රීවරයා පවසන්නේ විපක්ෂ මන්ත්‍රීවරුන්ට කලු ඇඳ ගැනීමට තිබුණේ මීට වසර දෙකකට පෙරදී බවයි. එදා ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් අවශ්‍ය පියවර ගැනීමට අසමත් වූ ඔවුන් පාස්කු ප්‍රහාරයේ වගකීම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුළු වත්මන් ආණ්ඩුව මත පැටවීමට උත්සාහ දරන බවද සමන්ප්රිය හේරත් මහතා පවසනවා.
මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
‘පාස්කු ප්‍රහාරය සිදුවෙලා මේ මාසේ 21 වෙනිදාට අවුරුදු 02 ක් සම්පූර්ණ වෙන වේලාවේ මේ සමාජයේ විවිධ කතා බහක් ඇතිව තිබෙනවා. ඒසේම විපක්ෂය මේ පාස්කු ප්‍රහාරය වගකීම අද මේ වෙද්දි සම්පූර්ණයෙන්ම ආණ්ඩුව විසින් මේ ප්‍රහාරය සැලසුම් කරලා සිද්ධ කළා කියන වැරදි කාරණය හුවා දක්වමින් කටයුතු කරමින් සිටිනවා කියන එක මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕන.’
‘පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හරින් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා පාර්ලිමේන්තුවේ යම් විවාදාත්මක ප්‍රකාශයක් කරා. අද මේ පාස්කු කොමිසමේ වාර්තාව එළියට ඇවිත් තිබෙනවා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ඒ කොමිෂන් එක පත් කළේ එවකට සිටි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා. ඒ වගේම අපේ ජනාධිපතිවරයා බලයට පත්වීමත් සමඟ ඒ කොමිෂම නැවත පත් කිරීම සුදුසු ද කියන එක කාදිනල් තුමාගෙන් අහලා එහි වැඩකටයුතු ඉස්සරහට රැගෙන යන්න වර්තමාන ජනාධිපතිවරයා විදිහට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කටයුතු කරනු ලැබුවා.’
‘මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕන ජනාධිපතිතුමාත්, විශේෂයෙන් අගමැතිතුමාත් ප්‍රකාශයක් කරමින් කියා සිටියා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලුදෙනා නිතිය හමුවට ගෙනල්ලා අද අවශ්‍යම නිතිමය කටයුතු කරනවා කියලා.’
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්