යාපනය සරසවියේ යුද සැමරුම් ස්මාරකය යළි විවෘත වෙයි

යාපනය විශ්වවිද්‍යාල භූමියේ අලුතින් ඉදිකළ යුද සැමරුම් ස්මාරකය අද (23) විවෘත කර තිබෙනවා.

විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් මීට පෙර ඉදිකළ තිබූ ස්මාරකය කඩා ඉවත් කිරීමට කටයුතු කළ අතර ඊට හේතුව ලෙස සඳහන් කර තිබුණේ එය නීතිවිරෝධී ඉදිකිරීමක් බවයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ තීරණය මත එය කඩා ඉවත් කෙරිණි.

කෙසේ නමුත් ඊට විශ්වවිද්‍යාල සිසුන්ගෙන් මෙන්ම උතුරේ සිවිල් සංවිධාන, දේශපාලන සංවිධානවලින් දැඩි විරෝධයක් එල්ල වූ අතර විශ්වවිද්‍යාල සිසුන් දිගින් දිගටම විරෝධතා දියත් කෙරිණි.

ශිෂ්‍ය සංගමය සහ විශ්වවිද්‍යාල පාලනාධිකාරීය අතර පැවති සාකච්ඡාවලදී, මෙම ස්මාරකය නැවත ඉදිකිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය එකඟ වූ අතර ඒ අනුව පසුගිය ජනවාරි 15 වැනිදා ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරිණි.

අද පෙරවරුවේදී විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයේ ප්‍රධානත්වයෙන් එම ස්මාරකය විවෘත කර ඇති බවයි වාර්තා වන්නේ.

  • L N E
WP Twitter Auto Publish Powered By : XYZScripts.com