පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට කොරෝනා

මොරටුව වේල්ස් කුමර විදුහලේ ක්‍රිකට් කණ්ඩායමේ ශිෂ්‍යයකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වීමත්  සමග එම කණ්ඩායමේ ක්‍රීඩකයන් තිස් දෙනකු නිරෝධානයට යොමුකල බව සෞඛ්‍ය අංශ පවසයි.

ගාල්ල ප්‍රදේශය පැවැති ක්‍රිකට් තරඟයකට සහභාගී වූ අවස්ථාවේ කොවිඩ් ආසාධිත බව කියන සිසුවාට අතෙහි ආබාදයක්  වීම නිසා  පුද්ගලික රෝහලකට ප්‍රතිකාර සඳහා යොමු වී ඇත.

අතට ප්‍රථිකාර කිරීමට පෙර සිදු කළ පී.සී.ආර්  පරීක්ෂණයෙන් ඔහු කොවිඩ් ආසාදිතයකු ලෙස හඳුනාගෙන ඇතැයි සඳහන් කරන සෞඛ්‍ය අංශ ආසාධිත සිසුවා ශ්‍රි ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ  ක්‍රීඩකයකුගේ  සොහොයුරකු බවද සඳහන් කරයි

එම ශිෂ්‍යයා ප්‍රතිකාර සඳහා යොමු කොට අනෙක් ක්‍රීඩකයන්  නිරෝධානය සඳහා යොමු කල බව සෞඛ්‍ය අංශ පැවසීය.

මොරටුව,රත්මලාන,පිළියන්දල යන ප්‍රදේශයන්හි සිසුන් ද ඒ අතර සිටින බවද සෞඛ්‍ය කියයි.

මෙකි ක්‍රිඩා කණ්ඩායමේ මොරටුව ප්‍රදේශයේ පදිංචි වන සිසුන් දස දෙනකුද සිටින බවද කියයි.

ඉදිරියේදී නිරෝධානය සඳහා යොමුකල සිසුන් පී.සී.ආර් පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට නියමිත බව ද සෞඛ්‍ය අංශය සඳහන් කරයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com