ළමා රෝහලේ රෝගීන් බලන්න වේලාව සීමා කරයි

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට රෝගීන් බැලීම සඳහා පැමිණෙන වේලාවන් සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසයි.

ඒ අනුව දවසේ එක් අවස්ථාවකදී පමණක් රෝගීන් බැලීම සඳහා එක් අයෙකුට අවස්ථාව හිමි වේ.

සායනික කටයුතු සඳහා පැමිණෙන විට කාලය අවම කරගැනීම සඳහා එම රෝගියා සමග එක් අයෙක් පමණක් පැමිණෙන ලෙසත් හැකි සෑම විටම 1390 දුරකථන අංකයට ඇමතුමක් ලබා දීලා වෙලාවක් වෙන්කර ගෙන පැමිණෙන ලෙස රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසයි.

  • Aruna news
WP Twitter Auto Publish Powered By : XYZScripts.com