බුත්තල නගරයේ සියලුම වෙළෙඳසැල් තාවකාලිකව වසා දැමීමට බුත්තල වෙළෙඳ සංගමය පියවර ගෙන ඇත.
එම සංගමයේ සභාපති සුසන්ත ගුණවීර මහතා පැවසුවේ ගම්මාන කිහිපයකින් කෝවිඩි ආසාදිතයන් වාර්තාවීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.
ඒ අනුව අද (26) උදෑසන සිට හෙට (27) උදෑසන දක්වා එම වෙළෙඳසැල් වසා තැබේ.
සති දෙකක තුළ නව ආසාදිතයින් තිස් දෙදෙනකු බුත්තල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාල බළ ප්‍රදේශයෙන් වාර්තාවිය.
බුත්තල නගරය ආශ්‍රිතව මේ වනවිට කොවිඩ් ආසාදිතයින් 45 දෙනෙකු හඳුනාගෙන ඇති බව ප්‍රදේශය භාර සෞඛ්‍ය බලධාරීන් පවසයි.
- arunanews
More Stories
චීන තානාපතිවරයා හා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර හමුවක්
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජපුර විශ්වවිද්‍යාලයෙන් රුසියානු භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක්