ඉන්දියාව එන්නත්කරණයෙන් යෝධ පියවරක් තබයි

කොවිඩ් වසංගතය මේ වනවිට ඉන්දියාවේ අස්සක් මුල්ලක් නෑර පැතිර යමින් තිබේ. ‍ඇතැම් ප්‍රාන්තවල කොවිඩ් රෝගීන්ට අවම වෛද්‍ය පහසුකම් පවා ලබාදීමට අපොහොසත් වී තිබෙනවා.

මීට පිළියමක් ලෙස කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල වේගවත් කිරීමට ඉන්දීය මධ්‍යම රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී තීරණය කර තිබෙන්නේ මැයි පළමුවැනිදා සිට වයස අවුරු 18 ඉක්මවන සෑම අයෙකුටම එන්නත් ලබාදීමයි. එන්නත්කරණය සඳහා සියලු රෝහල් භාවිතා කිරීමටද තීරණය කර තිබෙනවා.

මීට අමතරව එන්නත්කරණයේදී ප්‍රමුඛතාවය ලබාදිය යුතු පුද්ගල කණ්ඩ සම්බන්ධයෙන් හෝ වයස් කාණ්ඩ සම්බන්ධයෙන් හෝ තීරණය කිරීම අවස්ථාව ප්‍රාන්ත සභාවලට ලබාදීමටද තීරණය කර ඇත. වයස අවුරුදු 45 ඉක්මවූවන්ට එන්නත් ලබාදීම සඳහා ආරම්භ කර ඇති වැඩපිළිවෙලද තවදුරටත් ඒ ආකාරයෙන්ම මධ්‍යම රජයේ මැදිහත්වීම මත ක්‍රියාත්මක වේ.

මේ අතර ඉන්දියාවේ නිෂ්පාදනය කරන එන්නත් මාත්‍රා සියල්ලම ඉන්දීය මධ්‍යම රජයට ලබාදිය යුතු බවට මීට පෙර නිකුත් කළ නියෝගය ද සංශෝධනය කර තිබේ. ඒ අනුව සමස්ත නිෂ්පාදනයෙන් 50% ක් පමණක් මධ්‍යම රජයට ලබාදිය යුතු අතර ඉතිරි 50% ක ප්‍රමාණය ප්‍රාන්ත සභා හරහා හෝ පෞද්ගලික අංශය හරහා හෝ ලබාදීමේ අවස්ථාව හිමි වේ. පෞද්ගලික අංශය හරහා ලබාදෙන එන්නත් ඉන්දීය රුපියල් 250 කට මිල නියම කර තිබෙනවා.

මේ වනවිට ඉන්දියානුවන් මිලියන 21.4 කට එන්නත් ලබාදීම අවසන් කර ඇති අතර තවත් මිලියන 138.2 කට වැඩි පිරිසකට පළමු මාත්‍රාව ලබා දී තිබෙනවා.

  • Lanka news web
WP Twitter Auto Publish Powered By : XYZScripts.com