මහජන චීන ජනරජයේ රාජ්‍ය මන්ත්‍රී සහ ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (27) පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිතයි.
වෙයි ෆෙන්ග්හි මහතා අද රාත්‍රී 7.20ට කටුනායක ගුවන් තොටුපළ වෙත ළගාවීමට නියමිතව තිබේ.
ඒ මහතා හෙට (28) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡාවන් සිදු කිරීමට නියමිතව ඇත.
ඉන් අනතුරුව 29 වන දින පෙරවරුවේ වෙයි ෆෙන්ග්හි මහතා නැවත චීනය බලා පිටත්ව යාමට නියමිතය.
- aruna news
More Stories
දකුණු චීන මුහුදේ ගැටුම් විසඳීමට විදේශ බලවේග මත විශ්වාසය තැබීමෙන් පිලිපීනයට ප්‍රතිවිපාක ගෙන දෙනු ඇත – චීනය
ඇමරිකාව තීරුබදු වැඩි කිරීම සම්බන්ධයෙන් චීනය ලෝක වෙළඳ සංවිධානය වෙත තවත් පැමිණිල්ලක් ඉදිරිපත් කරයි
ඇමරිකානු භාණ්ඩ සඳහා චීනයෙන් තවත් 50% ක තීරුබදු