ශ්රී ලංකා පාසල් ක්රිකට් පිටියේ ප්රබලම කණ්ඩායමක් සතු ගල්කිස්ස ප්රදේශයේ ප්රධානම පාසලක ක්රිකට් කණ්ඩායමේ ක්රීඩකයන් සිවුදෙනකු ‘කොවිඞ් 19’ ආසාදිතයන් ලෙස හදුනාගෙන තිබේ.
එම විදුහලේ ක්රිකට් කණ්ඩායම මාසයකට අධික කාලයක් ජෛව බුබුලක් ලෙස හෝටලයක නවාතැන් ගෙන සිටි බවත් එසේ සිටියදීත් ක්රීඩකයන් සිවුදෙනකුට වයිරසය වැළදී ඇති බවත් එම විදුහලේ නිලධාරීයකු පැවසීය.
ක්රීඩකයන් කණ්ඩායම් ජෛව බුබුලට ඇතුළත්වීමෙන් පසුව කළ පළමු පී.සී.ආර්. පරීක්ෂණයෙන් සියලූම ක්රීඩකයන් වයිරස ආසාදිතයන් නොවන බවට තහවුරු වූ බවත් දෙවැනි පී.සී.ආර්. පරීක්ෂණයේදී සිවුදෙනකු ආසාදිතයන් ලෙස තහවුරු වූ බවත් එම නිලධාරියා පැවසීය.
එම ආසාදිත ක්රීඩකයන් මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ‘කොවිඞ් 19’ ප්රතිකාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටින බවත් සෙසු ක්රීඩකයන් ඉදිරියේදී තවත් පී.සී.ආර්. පරීක්ෂණයකට ඉදිරිපත්වීමට නියමිත බවත් එම නිලධාරියා කීය.
- lankadeepa news
More Stories
ශ්රී ලංකා ක්රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්රීඩා උළෙල ඇරඹීමට සූදානම්
විදේශයන්හි පැවති ඔලිම්පික් ක්රීඩා උළෙලක විශිෂ්ටතම දස්කම් දැක්වීමට චීනය මෙවර සමත් වෙයි