මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කරන ආණ්ඩුවක තමන් මොහොතක් හෝ නොසිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
එය MCC නොව වෙනත් ඕනෑම නමකින් පැමිණිය ද තම මතය අදාළව බවද ඔහු පැවසීය.
මෙරට ව්‍යවස්ථාදායකයට පවා උඩින් යන, අධිකරණයට පවා වග නොකියන, ලංකාවේ නීතිය අභිබවා යන තත්වයක් ඇතිවෙන ගිවිසුම් කුමන නමින් ආවත් තම තමන්ගේ විරෝධය පළ කරන බව ද ඔහු පැවසීය.
සිය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
මේ අතර එම්සීසී ගිවිසුම සම්බන්ධයෙන් වූ සමාලෝචන වාර්තාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඊයේ දිනයේ ඒ සඳහා පත්කරන ලද කමිටු විසින් භාර දෙන ලදී.
MCC ගිවිසුම සමාලෝචනය කිරීමේ කමිටුවේ අවසන් වාර්තාව ජනාධිපතිවරයාට භාර දී තිබෙනවා.
මෙම වාර්තාව ඊයේ අග්‍රාමාත්‍යවරයා වෙතද භාරදෙනු ලැබුවා.
More Stories
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජනාධිපතිවරණයට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ
ආරක්ෂක අංශ අවහිර නොතකා රාජිත ඇමෙරිකානු තානාපති කාර්යාලයට