තමන් කිසිවිටෙකත් ශ්‍රී ලංකා හමුදාව අවතක්සේරු නොකරන බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ප්‍රකාශ කර සිටිනවා.
අම්පාර ප්‍රදේශයේදී පැවති දේශපාලන රැස්වීමකදී අලිමංකඩ කඳවුරේ සිටි සෙබළුන් තමන් එල්.ටි.ටි.ඊ. සංවිධානයේ සිටියදී ඝාතනය කළ බව කියමින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් පවත්වනු ලබන විමර්ශනයට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමෙන් අනතුරු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කර සිටියා.
“මම වුණු සිද්ධිය කියලා තියෙනවා. කිසිම වැරදි ආකාරයේ ප්‍රකාශයක් මම කළේ නැහැ. කාවවත් රිද්දන්න දේශපාලන ප්‍රචාරයක් මම කළේ නැහැ. මේක මාධ්‍යයෙන් ආපු පොඩි දෙයක්. මේ රටේ ජනතාවට අපි ආදරෙයි අපි ප්‍රචණ්ඩත්වයෙන් හා වර්ගවාදයෙන් තොරව මැතිවරණ ප්‍රචාරය දිගටම කරගෙන යනවා.“ ඔහු කියා සිටියා.
තමන් විසින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලඥයින් එල්ල කරනු ලබන චෝදනා සම්බන්ධයෙන් කුමන අදහස් දරන්නේද යනුවෙන් මෙහිදී මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කර සිටියා.
“ඒක වැරදියි. ඒ කාලේ වුණු දෙයක් මම මැතිවරණ ප්රචාරයේදී උපමාවට ගත්තා. මේක ලොකුවට ගන්න එකේ කිසිම තේරුමක් නැහැ. අපේ රජයට අපේ සිංහල ජනතාවගේ ඡන්ද අඩු කරන්න ගන්න වැඩපිළිවෙලක් .මේක අපි ජයගන්න ඕනේ” යැයි එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියා.
“අපි අම්පාර දිස්ත්‍රික්කයේ තනි දෙමළ පක්ෂයක් විදිහට තරග කරනවා. මම හිතන විදියට කිසිම පක්ෂයක හෝ පූජකවරු හෝ රිද්දවන විදිහට අපි කතාකරලා නැහැ.ඒ වගේම හමුදා ගැන අපි අවතක්සේරුවෙන් කතාකරලා නැහැ.අපේ හමුදාව බහුවිධ ජයග්‍රහණයක් කරලා තියෙනවා.ඒ වගේම ව්‍යසන අවස්ථාවලත් අපේ හමුදාව කැපවෙලා කටයුතු කරලා තියෙනවා ඒ හින්දා හමුදාව කවදාවත් මම අවතක්සේරු කරලා කතා කරලා නැහැ.“ කරුණා අම්මාන් ප්‍රකාශ කළා.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ