ලබන වසරේ පළමු ශ්‍රේණියට ඇතුළත් කෙරෙන ශිෂ්‍ය සංඛ්‍යාව 35 සිට 40 දක්වා වැඩි කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
ජනප්‍රිය පාසල්වලට සිසුන් ඇතුළත් කිරීම සඳහා පවතින අධික ඉල්ලුම සැලකිල්ලට ගෙන අමාත්‍යාංශය මෙම තීරණය ගෙන තිබේ. ලබන වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ නව චක්‍රලේඛය මෙම මස අවසානයේ නිකුත් කෙරේ.
මීට වසර පහකට පෙර ද පළමු ශ්‍රේණියට සිසුන් හතළිස් දෙනෙක් ඇතුළත් කෙරුණු අතර පසුව ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ වසර පහක් ඇතුළත තිස් පහක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා ලෙස ය.
ඒ අනුව 2016 වසරේ සිට වසරින් වසර එක් ශිෂ්‍යයා බැගින් අඩු කර මෙම වසරට අදාළව පසුගිය වසරේ පැවති සම්මුඛ පරීක්ෂණයේ දී තෝරා ගැනුණේ පළමු ශ්‍රේණීයේ පන්තියකට සිසුන් 35 දෙනෙක් පමණි.
ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පළමු ශ්‍රේණියට පමණක් වලංගු වීම නිසා ජනප්‍රිය පාසල්වල සෙසු ශ්‍රේණිවල සිසුන් සංඛ්‍යාව පනහ ඉක්මවූ අවස්ථා පවා දක්නට ලැබෙන බව අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය. ජනප්‍රිය පාසල් සඳහා පවතින අධික ඉල්ලුම සලකා බලමින් පළමු ශ්‍රේණියේ සිසුන් සංඛ්‍යාව වැඩි කිරීමට තීරණය කළ බවත් එම නිලධාරියා පැවසීය.
කුමන තත්ත්වයන් මධ්‍යයේ වුව ජනප්‍රිය පාසල්වල සිසුන් සංඛ්‍යාව වැඩි වීම පිට පළාත් පාසල් වැසී යාමට හේතු වන බව පෙන්වා දෙන ගුරු වෘත්තීය සංගම් පළමු ශ්‍රේණියේ සිසුන් සංඛ්‍යාව වැඩි කිරීමේ තීරණයට විරෝධය පළ කරයි.
- aruna news
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ