අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම උදෙසා ලබාදුන් මූල්‍ය ආධාර වංචා කර ඇත් දැයි බරපතල සැකයක් මතුවන බව අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳ කරුණු සොයා බලන ජනාධිපති කොමිසමේ දී අනාවරණ වුණා.
අගරදගුරු පදවියේ සමාජ සුබසාධන ආයතනයක් වන සෙත්සරණ ආයතනයේ අධ්යක්ෂ දොන් නිශාන්ත ලෝරන්ස් රාමනායක පියතුමන් විසිනුයි මෙම සිදුවීම් පිළිබඳ තොරතුරු අනාවරණ කළේ. ඒ, එම කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින්.
එතුමන් මෙහිදී පෙන්වාදී ඇති කාරණයක් වූයේ ජාත්‍යන්තර මුස්ලිම් සංවිධානයක් විසින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලබාදී ඇති අමෙරිකානු ඩොලර් මිලියන 5 ක මුදලකට ද සිදු වූ දෙයක් නොමැති බවයි.
එම මුදලේ ප්රතිලාභ ත්‍රස්ත ප්‍රහාරයෙන් පීඩාවට පත් කිසිඳු පුරවැසියෙකු වෙත ලැබී නොමැති බව ද රාමනායක පියතුමන් සඳහන් කර තිබෙනවා.
මේ අතර ප්‍රහාරයට ලක්වු කිතුණු දේවස්ථානවලට ආධාර ලබාදීම ප්‍රමුඛතාවයක් සේ සළකා කටයුතු කළ ද ඇතැම් ආධාරවලට සිදුවූයේ කුමක්දැයි නොදන්නා බවත්, ආධාර අතට ගත් දේවගැතිවරුන් මේ වන විට කැනඩාවේ සිටින බවට තොරතුරු ලැබී ඇති බවත්, සෙත් සරණ ආයතනයේ අධ්යක්ෂ දොන් නිශාන්ත ලෝරන්ස් රාමනායක පියතුමන් ලබාදී ඇති ප්‍රකාශයේ වැඩිදුරටත් දැක්වුණා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ