ජුනි මාසයේදි ඩිවිලියස් ආපහු එයි

දකුණු අප්‍රිකාව ටෙස්ට් තරග 2 ක් සහ විස්සයි 20 තරග 5 ක් සඳහා ජුනි මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් සංචාරය කරන බව දකුණු අප්‍රිකානු ක්‍රිකට් අධ්‍යක්ෂ ග්‍රේම් ස්මිත් මහතා තහවුරු කර තිබේ.

ස්මිත් පැවසුවේ ලෝක කුසලාන තරගාවලියේදී දකුණු අප්‍රිකාව තමන්ට හැකි උපරිම කණ්ඩායම ඉදිරිපත් කිරීමට අවශ්‍ය බවය. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් ඒබි ඩිවිලියර්ස් සහ දැනට කොන්ත්‍රාත්ගත වි නැති ක්‍රිස් මොරිස් හා ඉම්‍රාන් තාහීර් නැවත කණ්ඩයමට එක්කරගන්නා බවයි.

කොදෙව් සංචාරයෙන් පසු දකුණු අප්‍රිකානු තනිදින තරග ක්‍රිඩකයන් අයර්ලන්තය ශ්‍රි ලංකාව හා ඉන්දියාව සමග විස්සයි විස්ස ලෝක කුසලානයට පෙර තරග වැදිමට නියමිතයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com