සජිත්ට සැලැස්මක් තියෙනවා නම් අපට කියන්න

රටේ පවතින කොවිඩ් වසංගත තත්වයට මුහුණදීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සතුව සැලැස්මක් ඇත්නම් එය ඉදිරිපත් කරන ලෙස ආරාධනා කරන බවත් ඒ පිළිබඳ සාකච්ඡා කර, එක්ව එය ක්‍රියාවට නැඟීමට තමන් සූදානම් බවත් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. 

“අපි විපක්ෂ නායකතුමාට ආරාධනා කරනවා තැන් තැන්වල කියවන්නෙ නැතුව එන්න වාඩිවෙලා සාකච්ඡා කරලා, ඔබට සැලැස්මක් තියෙනවා නම් අපට කියන්න අපි එකතුවෙලා මේක කරමු. මොකද මේක කෝවිඩ් වසංගතය. මේක මැතිවරණය නෙවෙයි. මැතිවරණයෙදි අපි ඡන්දෙ කරනවා. ඉතිං විපක්ෂ නායකතුමාටත් මං ආරාධනා කරනවා, මං කලිනුත් ආරාධනා කළා එන්න ඔබතුමා කියන විදියට ඔබතුමාට ඔය සැලැස්මක් තියෙනවා නම් ඇවිල්ලා වාඩිවෙලා සාකච්ඡා කරලා ඒ සැලැස්ම ක්‍රියාත්මක කරන්න අපි සහයෝගය දෙන්නම්. කිසි ප්‍රශ්නයක් නෑ” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ දින දහයෙන් ඇඳන් දසදහසක් වැඩසටහනේ කටයුතු පිළිබඳව ඊයේ (10) ගාල්ලේදී නිරීක්ෂණය කරන අතරේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.  

  • Lanka News Web
WP Twitter Auto Publish Powered By : XYZScripts.com