පසුගිය යහපාලන රජය සමයේ රාජ්‍ය බැංකු මඟින් අවිධිමත් ආකාරයෙන් ලබා දුන් ණය පිළිබඳව සහ සිදු කරන ලද මුල්‍ය අක්‍රමිකතා පිළිබඳව සොයා බලා ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කොමිසමක් පත්කරන ලෙස ලංකා බැංකු සේවක සංගමය සිදු කළ ඉල්ලීමට අනුව හැකි ඉක්මණින් එම කොමිසම පත් කරන බව මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ලංකා බැංකු සේවක සංගමය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර ඊයේ අරලියගහ මන්දිරයේදී පැවැති සාකච්ඡාවේදී මෙම ඉල්ලීම සිදුකර තිබුණා.
රාජ්‍ය බැංකුවල දැනට සේවයේ යෙදී සිටින සේවකයින් විශ්‍රාම යාමේදී විශ්‍රාම වැටුප් පිළිබඳව වූ ගැටලුව සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
එහිදී ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සහ විසඳුම් ලබාදීම කමිටුවක් හරහා ඉක්මනින් සිදුකිරීමට අගමැතිවරයා තීරණය කළා.
රාජ්‍ය බැංකුවල 2019 වර්ෂයට අදාළව මෙතෙක් ලබා නොදුන් දිරි දීමනා පාරිතෝෂිකය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කළ අතර කොවිඞ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් ඇති වූ මුල්‍ය අර්බුදය ද සැළකිල්ලට ගනිමින් එම දිරි දීමනාව රාජ්‍ය බැංකු සේවකයින්ට ලබා දීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබාදුන්නා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ