කොරෝනා වසංගතය පාලනය කිරීමට හැකි එන්නතක් නිෂ්පාදනය කිරීම කවදා සිදුවේද යන්න නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
සාර්ථක එන්නතක් නිෂ්පාදනය කිරීම සඳහා අවම වශයෙන් වසරක කාලයක් වෙන් කිරීමට සිදුවන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඞ්රොස් ඇඩනම් මහතා පෙන්වා දී තිබෙන්නේ.
මේ වන විට එන්නත් සියයක් පමණ අත්හදා බලා ඇතැත් ඒ අතරින් එක් එන්නතක් ඉහළ මට්ටමක පවතින බව විදෙස් වාර්තාවල දැක්වුණා.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පෙන්වා දෙන්නේ එවැනි තත්ත්වයක අත්හදා බැලීම් පැවතුණ ද සාර්ථක එන්නතක් නිපදවිය හැකි ද යන්න පවා අවිනිශ්චිත බවයි.
More Stories
චීන-බ්‍රසීල සබඳතාවන්හි ස්වර්ණමය ඇරඹුමක් සටහන් කළ චීන ජනපතිගේ බ්‍රසීල සංචාරය
වීසා රහිත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක රටවලට තවදුරටත් පහසුකම් වැඩි කිරීමට චීනයෙන් තීරණයක්
චීනයේ විදේශ වෙළඳාමේ කැපීපෙනෙන වර්ධනයක්