පුත්තලම නගර සභාවේ සභාපති කේ. ඒ බායිස්ගේ හදිසි මරණය සම්බන්ධයෙන් ඔහුගේ රියදුරු සහ අදාළ කැබ් රථයේ සිටි පුද්ගලයින් 02 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
පොලීසිය විසින් සිදුකරන ලද ස්වසන වායු පරීක්ෂාවේදී ඔවුන් බීමතින් සිට ඇති බවට අනාවරණය වී තිබේ.
සභාපතිවරයා තවත් පිරිසක් සමග රාල්මඩුව වැවෙන් ස්නානය කර කැබ් රථයේ පිටුපස ගමන් කර ඇති අතර එම අවස්ථාවේදී ඉන් පිටතට විසිවීමෙන් හෝ වෙනත් ක්‍රියාවක් සිදුවී රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවට පොලීසියට වාර්තා වී ඇති බවද අජිත් රෝහණ මහතා පවසයි.
ඔහුගේ මරණය සම්බන්ධයෙන් පොලීසිය පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
- Arunan news
More Stories
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම