ඊසාන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන තත්වය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී තිබීම සහ නිරිත දිග මෝසම් තත්වය ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් අනිද්දා (26) දක්වා ප්‍රදේශ රැසකට ඉතා තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
උතුරු සහ උතුරුමැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන අතර නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
දිවයින හරහා පැයට කිලෝමීටර 40, 50 පමණ වේගවත් සුළං හැමිය හැකි අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරුමැද ඌව සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය පැයට කිලෝමීටර 50, 55 පමණ දක්වා වැඩිවිය හැකි බව දඔහු පැවසීය.
ඊසාන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයෙහි නැවත දැනුම් දෙන තුරු ධීවර කටයුතුවල නිරතවීමෙන් වළකින්නැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවට දැනුම්දීමක් කරයි.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ