හෙට දිනයේදී අත්‍යව්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා රථවාහනවලින් ගමන් කිරීම තහනම් බව අද පැවති මාධ්‍ය හමුවකදී මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය. කෙසේ නමුත් පයින් යා නොහැකි දුරකට ඒ සඳහා යාමට තිබේ නම් හෝ දුරින් පිහිටි ATM යන්ත්‍රවලින් මුදල් ලබා ගැනීමට සිදුවේ නම් හෝ වාහන භාවිතා කිරීමේ කිසිදු ගැටලුවක් නොමැති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
මෙවැනි සීමාවක් පනවා තිබෙන්නේ හැකිතරම් ජනතාවගේ සංචරණය සීමා කර වසංගතය පැතිරීම පාලනය කිරීමට බවත්, අවංක චේතනාවෙන් කටයුතු කරන්නේ නම් එවැනි පුද්ගලයන්ට වාහන භාවිතා කිරීමට පොලීසියෙන් කිසිදු බාධාවක් නොමැති බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා.
මෙම තහනම අත්‍යවශ්‍ය රාජකාරිවල නිරතව සිටින පුද්ගලයන්ටද අදාල නොවන බවයි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසන්නේ.
- LNW
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ