බහු විවාහ චෝදනා මත අත්අඩංගුවට ගත් විදේශීය සමාගමක මෙරට කළමනාකරුවකුට පහරදීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය පහර කෑ එම තැනැත්තාට රුපියල් එක් ලක්ෂ පනස් දහසක වන්දි මුදලක් හා ඊට අමතරව නඩු ගාස්තු ලෙස රුපියල් 25, 000 ක්ද ගෙවන්නැයි ගල්කිස්ස පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට නියෝගය කළේය.
තවද රුපියල් 25000 ක මුදලක් වන්දි වශයෙන් පහරකෑමට ලක්වූ කළමනාකරු වෙත ගෙවන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය රජයට නියම කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කළේ මෙම පහරදීමට ලක්වූ කළමනාකාරවරයා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගෙන තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.
ප්‍රීති පද්මන් සූරසේන , ජනක් ද සිල්වා සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන් යුතු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.
රත්මලාන පදිංචි ජනිදු චාරක දහම් සෙනවිරත්න මහතා විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ගල්කිස්ස පොලිසියේ උප පොලිස් පරීක්ෂක නෙලුම්දෙණිය , ගල්කිස්ස පොලිස් ස්ථානාධිපති ඇතුළු පස් දෙනෙකු නම් කරනු ලැබ තිබිණි.
More Stories
චීන තානාපතිවරයා හා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර හමුවක්
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජපුර විශ්වවිද්‍යාලයෙන් රුසියානු භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක්