තවත් කොවිඩ් – 19 වෛරස් ආසාදිත රෝගීන් 42 දෙනෙකුගේ මරණ පිළිබඳ තොරතුරු සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (29) තහවුරු කර ඇත.
ඊයේ දිනයේ සිදුවූ මරණ 6ක් සහ ඊට පෙර සති දෙකක කාලය තුළ සිදුවූ මරණ 36ක් වශයෙන් ඒවා සඳහන් කර තිබේ.
එම මරණ 42න් 14ක්ම වයස අවුරුදු 60 හෝ ඊට අඩු වයස්වල අය වෙති. වයස තිස් ගණන්වල දෙදෙනෙකු ද ඊට අයත්ය.
ඒ අනුව මෙරටින් මෙතෙක් තහවුරු කරන ලද සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1405 දක්වා ඉහළ ගොස් තිබේ.




More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති