දෙවැනි ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන වෙනුවෙන් රුපියල් කෝටි 3,960ක (අමෙරිකානු ඩොලර් මිලියන 200) මූල්‍යාධාරයක් ශ්‍රී ලංකාවට දීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව කැමැත්ත පළ කරයි.
සියලු අංශයන්හි සමානව සේවා හා යටිතල පහසුකම් සැපයීමෙන් නාගරික හා ග්‍රාමීය පරතරය පියවීම ජාතික ප්‍රතිපත්ති රාමුවේ ප්රමුඛ අරමුණක් වන අතර, කාර්යක්ෂම හා පරිසර හිතකාමි පොදු ප්‍රවාහන පද්ධතියක් සඳහා ප්‍රවාහන ජාලය සංවර්ධනය කිරීමේ රජයේ ඉලක්කය ළඟා කර ගැනීමට සහාය වෙයි.
ඒ අනුව, මහාමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙමින් පවතින සෙවණ ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන (Second I Road Program) මූලකරණය සඳහා බහු අදියර මූල්‍යයන පහසුකම යටතේ අමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 900ක් ආසියානු සංවර්ධන බැංකුව (ADB) වෙතින් ගැනීමට අදාළව ශ්‍රී ලංකා රජය පසුගිය 2017 වසරේ අගෝස්තු 14 වන දින ක්‍රියාත්මක මූලකරණ ගිවිසුමට එළඹිණි.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ