රාජ්‍ය හා පෞද්ගලික ලුණු නිෂ්පාදකයන් සමග එක්ව ලුණු මිල ඊයේ (01 වැනිදා) සිට ඉදිරි වසරක කාලයක් සඳහා පහත හෙළන බව වෙළඳ ඇමැති බන්දුල ගුණවර්ධන පැවැසුවේය.
ඒ අනුව කැට ලුණු කිලෝග්‍රෑම් එකක් රුපියල් හතළිස් තුනකටද, ලුණු කුඩු ග්‍රෑම් හාරසියයක් රුපියල් තිස් පහක මිලකටත් සතොස හරහා පාරිභෝගිකයාට ලබා දීමට කටයුතු සලසා ඇති බව ද ඇමැතිවරයා ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
මෙරට පරිභෝජනයට අවශ්‍ය ධාරිතාවට වඩා අතිරික්ත ලුණු ප්‍රමාණයක් හා පරිභෝජනයට සුදුසු ලුණු නිෂ්පාදන ක්‍රියාවලියක් පවතින වාතාවරණයකදී විවිධ පාර්ශ්වයන් ගෙනයන මතවාදයන්ගේ කිසිදු සත්‍යතාවක් නැති බව ද වෙළෙඳ ඇමැතිවරයා මෙහිදී අවධාරණය කළේය.
කිසිදු හිඟයකින් තොරව ඉදිරි වසරක් සඳහා මෙරට පරිභෝජනයට අවශ්‍ය ලුණු පවතින බවත් හෙතෙම කීවේය.
මීට අමතරව තවත් වසරක් සඳහා ලුණු නිෂ්පාදනයට අවශ්‍ය වන මුහුදු ජලය ලුණු නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා භාජනය කෙරෙමින් පවතින බවද එය අවම වශයෙන් මාස 06ක් ඉක්මවන ක්‍රියාවලියක් බවද ඇමැතිවරයා කීය
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ