ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න මහතා පත්කර තිබේ.
ඒ අනුව ඔහු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරිමට ගිවිසුම් ගත වී ඇති බව වාර්තා වේ.
ඔහුගේ පළමු කාර්යය වනුයේ ලබන වසරේ මුලදී පැවැත්වීමට නියමිත 2022 එක්දින ලෝක කුසලාන හා පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලෙ සුදුසුකම් ලැබිමෙ තරග සඳහා කණ්ඩායම සූදානම් කිරීමයි. ඉදිරි මාස කිහිපය තුළ කාන්තා ක්‍රිකට් සංචාර “එකක් හෝ දෙකක්” සංවිධානය කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කළේය. වසංගතය හේතුවෙන් පසුගිය මාර්තු 20 වනදා විස්සයි 20 ලෝක කුසලානයෙන් පසුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කිසිදු ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකට ක්‍රීඩා කර නොමැත.
53 හැවිරිදි හෂාන් තිලකරත්න මහතා මීට පෙර ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ද කටයුතු කර තිබුණි.
පසුව ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ කාර්ය සාධන ඒකකයට අනුයක්තව සේවය කළේය.
- Chanaka Aravinda
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව