41 හැවිරිදි චීන ජාතිකයෙකුට අතිශය දුර්ලභ කුරුලු උණ රෝගයක් වැළඳී තිබේ. H10N3 යනුවෙන් නම්කර ඇති මෙම උණ රෝගය මීට පෙර කිසිදු මිනිසකුට ආසදනය වී ඇතැයි ලොව කිසිදු රටකින් වාර්තාවී නොමැත. මෙම පුද්ගලයාට රෝගය ආසාදනය වූයේ කෙසේද යන්න පිළිබඳව සෞඛ්‍ය නිලධාරීන් මෙතෙක් අනාවරණය කර නැති නමුත් මෙම වයිරසය මිනිසුන්ගෙන් මිනිසුන්ට පහසුවෙන් පැතිරෙන්නේ නැතැයි පැවැසේ. පසුගිය සතියේ මෙම ආසදිතයා වාර්තාවී ඇති අතර මේ වනවිට ඔහු සුවය ලබා රෝහලින් පිටවීමට සුදානම් බව චීන පුවත් සේවා වාර්තා කරයි. කුරුලු උණ රෝග වර්ග බොහෝමයක් ඇති අතර කුකුළු ව්‍යාපාරවල වැඩ කරන පුද්ගලයින්ට හෝ ඉඳහිට වත් මෙම රෝගය ආසාදනය වී ඇති බව මෙතෙක් වාර්තා වී නැත. බීජිං හි ජාතික සෞඛ්‍ය කොමිසම පසුගිය අඟහරුවාදා කියා සිටියේ ෂෙන්ජියැන්ග් නගරයේ පදිංචිකරුවෙකු අප්‍රේල් 28 වනදින මෙම වයිරසය ආසාදනය වීමෙන් රෝහල් ගත කර ඇති බවයි.
කෙසේ වෙතත් මෙම වයිරසය මහා පරිමාණයෙන් පැතිරීමේ අවදානම අතිශයින් අඩු බව ජාතික සෞඛ්‍ය කොමිසම පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානයද පවසා ඇත්තේ “මේ අවස්ථාවේ දී මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වන බවට කිසිදු සාක්ෂියක් නොමැති” බවයි. මේ අතර H5N8 නමැති වයිරස ප්‍රභේදයක් කුරුල්ලන් අතර මේ වනවිට පැතිරී ගොස් ඇති අතර එමඟින් යුරෝපීය විවිධ රටවල කුකුළු පැටවුන් දහස් ගණනක් මරණයට පත්ව ඇත.
More Stories
පොදු සංවර්ධනයකින් යුත් සුසංයෝගී ලෝකයක් ගොඩනැගීමට චීනය හා ඉතාලිය එක්ව උත්සාහ කළ යුතුයි–චීන ජනපති
චීන ජනපති මැලේසියානු අගමැති හමු වේ
සාමකාමී ලෙස බල හුවමාරුව සිදුවනු ඇතැයි ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් කියයි