සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති නිරෝධායන රෝග වැළැක්වීමේ පනතේ විධිවිධාන අනුව ප්‍රසිද්ධ ස්ථානවලදී මුව ආවරණ නොපලඳින පුද්ගලයන්ගේ තොරතුරු විශේෂ පොලිස් පොතක සටහන් කර තැබීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිඛෙනවා.
ප්‍රසිද්ධ ස්ථානවල මුව ආවරණ පැලඳීමකින් තොරව ගැවසෙන තැනැත්තන්ට අවවාද කිරීම යන ශීර්ෂය යටතේ සෑම පොලිස් ස්ථානයක් වෙතම වැඩබලන පොලිස්පතිවරයා විසින් නියෝග කිහිපයක් නිකුත් කර ඇති අතර, ඊට අදාල මෙහෙයුම් සෑම ප්‍රදේශයක් ආශි‍්‍රතවම කි‍්‍රයාත්මකයි.
මුය ආවරණ පැලඳීමකින් තොරව ප්‍රසිද්ධ ස්ථානවල සැරිසරණ අයට මුල් අවස්ථාවේදී අවවාද කර, තම ලිපිනය, ගැවසුණ ස්ථානය, වේලාව ආදීය සටහන් කර පොලිස් ස්ථානයේ තොරතුරු පොතේ සටහන් කර තැබීමටද පොලිසිය තීරණය කර තිඛෙනවා.
එසේ මුව ආවරණ නොපලඳින පුද්ගලයින් සම්බන්ධයෙන් රැස්කළ තොරතුරුවල සංඛ්‍යාත්මක වාර්තාවක් දිනපතා පොලිස්පතිවරයා වෙත යොමු කිරීමට නියමිතයි.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ