කොවිඩ් 19 ව්‍යාප්තිය හමුවේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 7 ක සිට බ්‍රිතාන්‍යයට පුද්ගලයින් පැමිණිමේදී නිරෝධායනය අනිවාර්ය කරමින් බ්‍රිතාන්‍ය රජය රතු නිවේදනයක් නිකුත් කර ඇත.
මෙම නව නීතිය ලබන 08 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග වලින් පැවසේ.
ශ්‍රී ලංකාවට අමතරව ඇෆ්ඝනිස්ථානය ,බහරේනය , ඊජිප්තුව , සුඩානය , කොස්ටාරිකා ,සුඩානය සහ ට්‍රිනිඩෑඩ් සහ ටුබැගෝ යන රට වලටද මෙම නීතය බලපැවැත්වේ.
ඒ අනුව අදාළ රටවල සිට බ්‍රිතාන්‍යයට පැමිණෙන්නේ නම් එම පිරිස් අනිවාර්යයෙන්ම එරට හෝටලයක නිරෝධායනයකට යොමු විය යුතුව ඇත.
More Stories
පොදු සංවර්ධනයකින් යුත් සුසංයෝගී ලෝකයක් ගොඩනැගීමට චීනය හා ඉතාලිය එක්ව උත්සාහ කළ යුතුයි–චීන ජනපති
චීන ජනපති මැලේසියානු අගමැති හමු වේ
සාමකාමී ලෙස බල හුවමාරුව සිදුවනු ඇතැයි ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් කියයි