ශිෂ්‍යයන්ගේ නිවෙස්වලටම වැඩ පොත් බෙදාදීමේ වැඩපිළිවෙළක්
ජාතික අධ්‍යාපන ආයතනයත් අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්වී පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නිවසටම වැඩපොත් බෙදාදී විෂය නිර්දේශය ආවරණය කිරීමේ නව වැඩපිළිවළක් එළැඹෙන අගෝස්තු මුල් සතියේ සිට ආරම්භ කරන බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පැවසුවේය.
අධ්‍යාපන විශේෂඥයන් විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සම්බන්ධ කරගනිමින් මෙම වැඩපිළිවළ සකස් කරන බවත් මේ මගින් නිවසේ සිටම ක්‍රියාකාරකම්වල යෙදෙමින් ඉගෙනීමේ කටයුතු සිදු කිරීමට දරුවන්ට හැකියාව ලැබෙන බව රාජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය. ඔහු මේ පිළිබඳව පවසා සිටියේ ඊයේ [09දා] කොළඹ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී පවැතී මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
නිවසේ සිටින දරුවන් නිවසේ සිටින ගුරුවරුන් යන කණ්ඩායම් දෙකම එක් කරමින් මෙම කටයුත්ත සිදුකිරීමට සැලසුම් කර ඇති බවත් මේ වන විටත් ජාතික අධ්‍යාපන කොමිසමෙන් මෙම වැඩපිළිවළට අනුමැතිය ලැබී ඇති බව ඇමැතිවරයා කියා සිටියේය. සතියෙන් සතියට ඇගයීම් ලබාදීමේ ක්රමයක්ද මේ සමග ක්‍රියාත්මක කරන බවත් පාසල් නැවත අරම්භ කලද මෙම වැඩපොත් ලබාදීමේ කටයුත්ත ඉදිරියටම පවත්වාගෙන යන බව ඔහු ප්‍රකාශ කළේය.
කොවිඩ් වසංගත තත්ත්වය දිගින් දිගටම පවතින නිසා මෙම වැඩපිළිවළ එලෙස අගෝස්තු මාසය ආරම්භයත් සමග අඛණ්ඩව පවත්වාගෙන යන බව හෙතෙම මෙහිදී වැඩිදුරටත් පැවසීය.මෙහිදී අදහස් දක්වා සිටි රාජ්‍ය ඇමැති සුසිල් ප්‍රේමජයන්ත වැඩිදුරටත් මෙසේද පවසා සිටියේය.
More Stories
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට