වව්නියාව, ශාන්තසෝලෙයි ප්‍රදේශයේ දී පුද්ගලයෙකු විසින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට පහර දී තිබේ.
අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව පහරදුන් පුද්ගලයා සොයා විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මුඛ ආවරණ නොමැතිව යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයෙකුගෙන්, ඒ පිළිබඳව විමසීමේදී යතුරුපැදිකරු විසින් මහජන සෞඛය පරීක්ෂකවරයාට පහරදී ඇති අතර මෙලෙස පහරදී ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 25 හැවිරිදි තරුණයෙකු බවට මේ බව විටත් හඳුනාගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඒ අනුව අදාළ සැකකරු අත්අඩංගුවට ගැනිම සඳහා වව්නියාව පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
More Stories
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට