සේර ඇල්ලේ වැටී මියගිය පෙම්වතාගේ මෘත ශරීරය සොයා ගනී

සේර ඇල්ලෙහි දිය පිරුණු වළකට ඇද වැටී අතුරුදන් වූ තරුණයාගේ මෘත ශරීරය සොයා ගෙන තිබෙනවා.

ඒ අද උදෑසන නාවික හමුදාව මෘත ශරීරය සොයා ගැනීමට සිදු කල මෙහෙයුමේදියි.

ඊයේ මිය ගිය ශිරන්ත සංජය සහ ඇගේ පෙම්වතිය සිය මාපියන්, ඥාතීන් සහ ඡායාරූප ශිල්පියා සමග “සේර ඇල්ල“ අසළ ට පැමිණ තිබුණේ සිය මංගල උත්සවයට පෙර ඡායාරූප කිහිපයක් ගැනීමටයි .

ඔවුන් ඡායාරූපයකට පෙනී සිටින අතරතුර සේර ඇල්ලෙහි දිය පිරුණු වළකට ඇද වැටී තිබුණා.

දිල්මි බේරාගත්ත ද ශිරන්ත ව බේරා ගැනීමට කිසිවෙකුටත් හැකියාවක් ලැබී තිබුනේ නැහැ.

දියේ ගිලි අතුරුදන්වූ 26 හැවිරිදි ශිරන්ත කුරුණෑගල පන්සිළුගම පදිංචිකරුවෙක්

WP Twitter Auto Publish Powered By : XYZScripts.com