පාසල් සිසුන්ට හා ගුරුවරුන්ටත් කොවිඩ් එන්නත ලබාදීමට අවධානය

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් වසා දමා තිබෙන පාසල් නැවත ආරම්භ කරන අවස්ථාවක දී දරුවන්ගේ රෝග සහ ගැටලු හඳුනා ගැනීම සඳහා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහය ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (11) පස්වරුවේ අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

පාසල් නැවත විවෘත කිරීම සහ ගුරුවරුන්ට හා සිසුන්ට කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති අතර අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ. කොවිඩ් වසංගත තත්ත්වය පාලනය වූ වහාම අදියර කිහිපයක් යටතේ පාසල් නැවත ආරම්භ කිරීමේ වැදගත්කම අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනය පහතින්,

WP Twitter Auto Publish Powered By : XYZScripts.com