පියෙක් සහ දියණියක් කොවිඩ්වලින් මරුට

පස්සර ප්‍රදේශයේ පදිංචිව සිටි නිධන් ගත රෝගවලින් පෙළුණු වයස්ගත පුද්ගලයෙක් කොවිඩ් ආසාදිතව අද (15) මියගොස් තිබුණි.

පස්සර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසුවේ, ඇයගේ දියණියද මීට සති 2කට පමණ පෙර කොවිඩ් ආසාදිතව මියගිය බවය. 

එමෙන්ම මෙම දෙදෙනාගේ ඥාතියෙක් වන පස්සර ප්‍රදේශයේම පදිංචි තවත් 52 හැවිරිදි පුද්ගලයෙක්ද මීට දින 3කට පෙර මියගොස් තිබුණි.

මේ අතර නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් නිරෝධායනයට යොමුකළ මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ පුද්ගලික නේවාසික අධ්‍යාපන ආයතනයක කාර්යමණ්ඩලය ඇතුළු සිසුන් 58 දෙනාගෙන් 31 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී තිබේ. 

සෞඛ්‍ය අංශ පැවසුවේ, පසුගිය 3 වැනිදා නිරෝධායනට යොමුකළ ඔවුන්ගේ PCR පරීක්ෂණවලින් මේ බව තහවුරු වූ බවය. 

එමෙන්ම පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ 139 දෙනෙකුට සිදුකළ PCR පරීක්ෂණවලින් 94 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා අද තහවුරු කළේය.

පනවා ඇති සංචරණ සීමා උල්ලඝනය කරමින් විවෘත කර තිබූ අළුත්ගම පොලිස් බලප්‍රදේශයේ වෙළඳසැල් වැටලීමේ මෙහෙයුමක් ඊයේ රාත්‍රියේ දියත් කර තිබුණි.

මේ අතර යටියන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලා 2 ක් සම්පූර්ණයෙන් සිරුර වැසෙන ආරක්ෂිත ඇඳුම් කට්ටල 1,000ක් පමණ නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකරමින් ප්‍රවාහනය කරමින් තිබියදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හසුවිය.

ඒ අනුව එම ඇඳුම් කට්ටල 100 කට වැඩි සංඛ්‍යාවක් ගිනි තබා විනාශ කෙරුණු අතර සෙසු ඇඳුම් කට්ටල ප්‍රමාණය දින 14ක් යනතුරු භාවිතයට නොගන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් උපදෙස් දුනි.

එමෙන්ම අදාළ ඇඳුම් කට්ටල නිර්මාණය කළ ආයතන වෙත ගොස් එහි සිටි පිරිස් දින 14 ක කාලයක් සඳහා නිරෝධායනයට යොමු කෙරුණි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com