තව මාස දෙක තුනකින් කුකුළු මස් සහ බිත්තර දැඩි හිඟයක්

තවත් මාස දෙක තුනකින් පමණ බිත්තර සහ කුකුළු මස්වල දැඩි  හිඟයක් මතුවීමට ඉඩ ඇති බවට සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය අනතුරු හඟවයි. 

කුකුළු කෑම නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හිඟවීම හේතුවෙන් මෙම තත්වය උද්ගත වනු ඇති බවයි එම සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා සඳහන් කළේ. 

බඩ ඉරිඟු ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති නිසා දේශීය බඩ ඉරිඟු කිලෝවක මිල රුපියල් 95ක් දක්වා ඉහළ ගොස් ඇති බව පැවසූ ඒ මහතා ඒ අනුව බිත්තර සහ කුකුළු මස්වල නිෂ්පාදන වියදම ඉතාම ඉහළ ගොස් ඇති බව පෙන්වා දුන්නේය. 

එසේම කුකුළු කෑම නිෂ්පාදනයට යොදාගන්නා තිරිඟු මෙරටට ආනයනය කිරීමට අවස්ථාව හිමිව ඇත්තේ ද මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට පමණක් නිසා සුළු හා මධ්‍ය පරිමාණ කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන් කබලෙන් ලිපට වැටී ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. 

WP Twitter Auto Publish Powered By : XYZScripts.com