යාපනයේ, සන්දිලිපායී ගම්මානයේ නිවසක තිබූ විවාහ මංගල උත්සවයකට සහභාගී වූ පුද්ගලයින් 78 දෙනෙකුගෙන් 24 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගෙන තිබේ.
ආසාදිතයින් හඳුනා ගැනීමත් සමඟ සෙසු පුද්ගලයින් 54 දෙනා ඊයේ සිට තවත් දින දාහතරක කාලයක් නිරෝධානයට ලක් කිරීමට යාපනයේ සෞඛ්‍ය නිලධාරීන් පියවර ගෙන ඇත.
පුද්ගලයින් 15 දෙනෙකු පමණක් සහභාගී වන බවට අවසර ලබා ගෙන පුද්ගලයින් සියයකට ආසන්න පිරිසක් මේ විවාහ මංගල උත්සවයට සහභාගී වී තිබේ.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ