කළුතර දකුණ පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු සුඛෝපභෝගී මෝටර් රථයකින් රුපියල් කෝටි 51 කට අධික වටිනා හොරයින් මත්කුඩු තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී හික්කඩුව බද්දේගම පාරෙදි අද අලුයම අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය කියයි.
සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා සමග මත්කුඩු කිලෝ 51 ග්‍රෑම් 728 ක් සමග අත්අඩංගුවට ගෙන ඇත
එම මත්කුඩු තොගය ලබා ගැනීම සඳහා අතුරුගිරිය අධිවේගී මාර්ග පිවිසුම අසල රැඳී සිටි තවත් පුද්ගලයන් දෙදෙනකු වෑන් රථයක් සමඟ ද අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ජ්‍යෙෂඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාට ලද තොරතුරක් අනුව වැටලීම සිදු කර ඇත.
අත්අඩංගුවට ගත් උපපොලිස් පරීක්ෂකවරයා කළුතර දකුණ පොලිසියේ අධිකරණ කටයුතු බාර ස්ථාන ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරන්නා බවත්,අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු පොලිස් නිල ඇඳුමින් සැරසී සිටි බවත් පොලිසිය කියයි.
සැකකාර උප පොලිස් පරික්ෂකවරයා ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මේ වන විට විදේශ ගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ” පානදුර සලිදු ” නැමැත්තාට අයත් මත්කුඩු තොගයක් බවට අනාවරණ කළ බව පොලිස් නිළධාරියෙක් පවසයි.
සැකකාර උප පොලිස් පරික්ෂකවරයා පැදවූ මෝටර් රථයේ තිබූ විශාල කළු පාට ගමන් බෑග් දෙකක මෙම මත්කුඩු තොග අසුරා තිබූ බවත් , මෙම මත්කුඩු තොගය අධිවේගී මාර්ග ඔස්සේ අතුරුගිරියට ප්‍රවාහනය කර දීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 5ක් පමණ ගාස්තුවක් ලැබෙන බවත් මෙයාකාරයෙන් අවස්ථා දෙකකදී මත්කුඩු තොග ප්‍රවාහනය කල කළ බවත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී වැඩිදුරටත් අනාවරණය වූ බව අනාවරණය වි ඇත.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ