2011 ලෝක කුසාලන ක්‍රිකට් අවසන් මහා තරගය පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතා ඊයේ පැය 6 ක ප්‍රකාශයක් ලබා දුන්නා
ඒ ක්‍රීඩා වැරදි වැළැක්විමේ විශේෂ විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටිමින්
ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ ස්ථාපිත විමර්ශන බලතල සහිත විශේෂ විමර්ශන ඒකකය කොළඹ සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ භූමියේ පිහිටුවා තිබේ.
2011 ලෝක ශූරතාව යම් කිසි පාර්ශවයක් දැනුවත්ව ඉන්දියාවට පාවා දුන් බව එවකට හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පසුගියදා චෝදනාවක් කළේය. ඒ අනුව වසර නවයකට පසු අදාළ තරග පාවාදීමක් පිළිබඳ හිටපු කී‍්‍රඩා අමාත්‍යවරයා චෝදනා කරමින් වැඩිදුරටත් කියා සිටියේ ‘‘මේකට ක්‍රීඩයන් සම්බන්ධ නැහැ. නමුත් තේරීම් සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. හවස එවපු කණ්ඩායම නෙමෙයි උදේ ක්‍රීඩා කළේ. මට සාධාරණ සැකයක් තියෙනවා. ’’ යනුවෙනි. ඒ අනුව එම චෝදනාව එවකට තේරීම් කමිටු සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අරවින්ද ද සිලවා මහතා වෙත වක්‍රාකාරව එල්ලවිණි.
ඉන්දීය කණ්ඩායම සමග පැවැති 2011 ලෝක කුසලාන අවසන් මහා තරගයේදී පළමුව පිති ප්‍රහාරය එල්ල කළ ශී‍්‍ර ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී කඩුලූ 6ක් දැවී ලකුණු 274ක් ලබා ගත්තේය. මහේල ජයවර්ධන නොදැවී ලකුණු 103ක් වාර්තා කළ අතර කුමාර සංගක්කාර ලකුණු 48ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 2කදී කඩලූ 4ක් දැවී ලකුණු 277ක් ලබා ගනිමින් 2011 ලෝක ශූරතාව දිනා ගත්තේය. කෙසේ වෙතත් එදා පැවැති අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් හතරක් සිදුවිය. ආබාධයකට ලක්ව සිටි ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා යොදවා ගත්තේ චමින්ද වාස්ද බංකුවේ තබමිනි.
අනතුරුව දඟ පන්දු යවන සුරාජ් රන්දිව් සංචිතයට එක් වූයේ අජන්ත මෙන්ඩිස් බංකුවේ සිටියදීය. රංගන හේරත් වෙනුවට නුවන් කුලසේකරට අවසන් මහා තරග වරම ලැබුණි. චාමර සිල්වා වෙනුවට චාමර කපුගෙදරව කණ්ඩායමට එක් කර තිබිණි.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ