‘එක්ස්ප්‍රස් පර්ල්‘ගින්න කාගේ වරදක්දැයි හෙළි කරන්න

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් පසු ආණ්ඩුව විමර්ශන කමිටු හතරක් පත් කළත්  වරද කාගේ දැයි සෙවීමට කමිටුවක් පත් නොකිරීම බරපතල සැකයට තුඩු දෙන කාරණයක් බව සමගි ජන බලවේගයේ මැද කොළඹ සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පැවසීය.

මින් ඉදිරියට මෙවැනි වරදක් නොවීම සඳහා වරද කාගේ දැයි හෙළිදරව් කිරීම වගකිවයුතු ආණ්ඩුවක මූලික කාර්යභාරයක් බව ද මුජුබර් රහුමාන් මහතා සඳහන් කළේය.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ මුජිබුර් රහුමාන් මහතා සඳහන් කළේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව  ගිනි ගැනීමෙන් වූ පරිසර හානිය,ආර්ථික හානිය ආදිය සෙවීම සඳහා ආණ්ඩුව කමිටු හතරක් පත්කර තිබෙන නමුත් ආණ්ඩුව අත්‍යවශ්‍යම කමිටුව පත් කර නැති බවයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com