ඔලිම්පික් උළෙලට සති පහක් තිබියදී ටෝකියෝ ඇතුලු ප්‍රාන්ත කිහිපයකට පනවා තිබූ හදිසි තත්ත්වය ඉවත්කිරීමට ජපාන රජය තීරණය කර තිබේ.
ටෝකියෝ ඔලිම්පික් උලෙළ ලබන මාසයේ 23වැනිදා ආරම්භවීමට නියමිතව පවතී.
ඊට සමගාමීව කොවිඩ් වසංගත ව්‍යාප්තිය නිසා ජපානයේ ප්‍රාන්ත කිහිපයකට පනවා ඇති හදිසි තත්ත්වය ඉවත්කිරීමට රජය තීරණය කර ඇත.
මේ යටතේ ටෝකියෝ සහ තවත් ප්‍රාන්ත 8ක හදිසි තත්ත්වය ලබන ඉරිදා සිට ඉවත්කිරීමට නියමිතය.
කෙසේ නමුත් ඔකිනාවා ප්‍රාන්තයට පනවා ඇති සීමා ලබන ජූලි මාසය අවසානය දක්වා ක්‍රියාත්මක වේ.
මේ අතර ලබන මස 11වැනිදා දක්වා අර්ධ හදිසි තත්ත්වයක් අඛණ්ඩව පවත්වාගන්නා බවත් රජය පවසයි.
සාර්ථකව සහ ආරක්ෂිතව ඔලිම්පික් උළෙල පැවැත්වීම තම උත්සාහය බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජපාන අගමැති යොෂිහිඩේ සුගා පැවසීය.
මේ හේතුවෙන් නිවසේ සිට රූපවාහිනිය ඔස්සේ ක්‍රීඩා තරග නරඹන්නැයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
More Stories
චීන-බ්‍රසීල සබඳතාවන්හි ස්වර්ණමය ඇරඹුමක් සටහන් කළ චීන ජනපතිගේ බ්‍රසීල සංචාරය
වීසා රහිත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක රටවලට තවදුරටත් පහසුකම් වැඩි කිරීමට චීනයෙන් තීරණයක්
චීනයේ විදේශ වෙළඳාමේ කැපීපෙනෙන වර්ධනයක්